රට තුළ පවතින ඉහළ පොල් හිඟයට මූලික හේතුව ජනගහනය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි.
මහාචාර්යවරයා පැවසුවේ 2000 වසර වන විට පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000ක අගයක පැවති අතර මෙරට ජනගහනය මිලියන 18ක අගයක් ගත් බවය.
එහෙත් 2024 වසර වන විට මෙරට ජනගහනය මිලියන 23 දක්වා වැඩි වී ඇතත් පොල් නිෂ්පාදනය වර්ධනයක් සිදුව නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම මීට පොල් හිඟට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි.
2020 දී පොල් ගෙඩියක මිල රුපියල් 60-70ත් අතර පැවති අතර 2022 අගභාගය වන විට පොල් ගෙඩියක මිල දැක්වුණේ, රුපියල් 100ක් වශයෙනි. 2023 අවසානය වන විට පොල් ගෙඩියක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 80 – 120ත් අතර මිලක පැවති අතර 2024 අවසානය වන විට පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 160 සිට 200 දක්වා ඉහළ ගොස් තිබුණි.
දැනට නිකුත් වී ඇති දත්ත අනුව ගෙවුණු 2024 දී පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 700කින් පමණ පහත වැටී තිබේ. පසුගිය වසර හතරේදී වාර්ෂික පොල් නිෂ්පාදනය සටහන් වුයේ 2020 දී පොල් ගෙඩි මිලියන 2792ක්, 2021 දී පොල් ගෙඩි මිලියන 3120ක්, 2022 දී පොල් ගෙඩි මිලියන 3391ක් සහ 2023 දී පොල් ගෙඩි මිලියන 2682ක් වශයෙනි.
මෙලෙස පොල් අස්වැන්න අඩුවීමට පොහොර යෙදීම අවමවීම, වන සතුන්ගෙන් සිදුවන හානි , කාලගුණික වෙනස්වීම් මෙන්ම මෑතකාලීනව පොල් වගා ඉඩම් කට්ටි කර වෙනත් ව්‍යාපෘති සඳහා විකිණීම ආදිය හේතු වී ඇත.