පොල් මිල මට්ටු කරන්න සූදානම්… ආනයනයට කැබිනට් පත්‍රිකාවක්…!

November 4, 2024 at 9:55 am | by emanisa.lk

කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේ දී පහළ බසිනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කරන්නේ පොල් මිල ඉහළ යාමට පොල් නිෂ්පාදනය අඩුවීම හා ආනයනයට ලැබුණු විශාල ඉල්ලුම බලපා ඇති බවයි.

ඒ අනුව ඉල්ලුමට අදාළ සැපයුමක් ලබාදීමට කර්මාන්තකරුවන් කළ ඉල්ලීම අනුව පොල් මද ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සන්දේශයක් සකස් කර ඇතැයිද හෙතෙම පැවසීය.

ඒ අනුව ඉදිරියේදී අනිවාර්යෙන්ම පොල් මිල පහළ බසින බැවින් පොල් තොග රැස් කරගෙන සිටීමෙන් වළකින්නයි ඉල්ලා සිටින බව ද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *