පොල් කටුවෙන් රටට ඩොලර් මිලියන 300ක්…!

June 23, 2024 at 11:01 am | by emanisa.lk

පොල් කටු අපනයනය කිරීමෙන් මෙරටට වසරකට ඩොලර් මිලියන 300ක පමණ ආදායමක් ලැබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා පවසයි.

පොල් කටුවලින් චාකෝල් නිෂ්පාදනය කර සක්‍රිය කාබන් ලෙස අපනයනය කෙරෙන බවත්, පොල් කටු වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ ඇමරිකාවට බවත් සඳහන් කළ සභාපතිවරයා, පොල් කටු කිලෝවක් රුපියල් 36ක පමණ මිලකට මිල දී ගැනෙන බව ද ප්‍රකාශ කළේය.

පොල් කටු සඳහා විදේශ වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් පොල් කටු විනාශ නොකර ආදායම් උපයාගත හැකි මාර්ගයක් ලෙස භාවිත කිරීමට හැකි අතර මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන තුනකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *