පොල් එලොව පොල් පෙන්නා බෑය 100ට නගී… මාෆියාව බිඳින්න පොල් ලොරි කොළඹට…!

November 10, 2024 at 10:29 am | by emanisa.lk

වෙළඳපොළේ මේ දිනවල පොල් ගෙඩියක් රුපියල් 200 දක්වා ඉහළ මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැඩි අප්‍රසාදය පළකරති.

මෙලෙස සිතූ සිතූ ආකාරයට අධික මිල ගණන් යටතේ පොල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාව රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ ආදර්ශ පොල් උයන් හා තවාන් සංවර්ධන කළමනාකරු වජිර තෙන්නකෝන් මහතා කියා සිටියේ අධික මිලට ජනතාවට පොල් අලෙවි කරන මාෆියාව බිඳ දැමීමට ඉතා අඩු මිලට පොල් ලබාදෙන වැඩසටහන ඉදිරි දින දෙක තුන ඇතුළත නැවත ක්‍රියාත්මක කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *