පොත් දස දහසක මගේ පුස්තකාලයට අරගලකරුවෝ ගිනි තිබ්බා..! – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත…

October 1, 2022 at 12:58 pm | by emanisa.lk

පසුගිය මැයි 09 වෙනිදා සිය නිවසට ගිනි තැබීම නිසා නිවසේ පුස්තකාලයේ තිබූ පොත් 10 000ක් පමණ විනාශ වූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

එහි තමා ජීවිත කාලය පුරා එකතු කළ පොත් මෙන් ම අධිනීතීඥවරියක වන සිය බිරිඳගේ දරුවන්ගේ ද පොතපත තිබූ බවයි, රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

මෙවර පොත් ප්‍රදර්ශනයෙන් ද පොත් මිලට ගත් බව සනත් නිශාන්ත සඳහන් කරයි.

නැවතත් පොත් එකතු කර පුස්තකාලය ගොඩනඟන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *