රට විනාශ කළ සියලු පක්ෂවලට ජැක් ගැසූ ජනතා විමුක්ති පෙරමුණ අද උනුත් එකයි මුනුත් එකයි කියමින් එන විට රැවටෙන්නට එපා යැයි සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ සුජීව සේනසිංහ පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ඩොලර් බිලියන 250ක මහා ධනස්කන්ධයක් විනාශ කළ බවයි.
හම්බන්තොට වරාය ගොඩනැඟීමට වැය වූයේ ඩොලර් බිලියන 1ක් බවත් ඒ මෙන් 250 ගුණයක මේ රටේ ධනය ජවිපෙ තනියම විනාශ කළ බවත් ඔහු අවධාරණය කරයි.
නිදහස ලබන විට 35%ක් වූ ලංකාවේ සාක්ෂරතාව 1995 වන විට 95%ක් වූ බවත් අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය ආදී රටවල් තවමත් සිටින්නේ ලංකාවට පහළින් බවත් සුජීව සේනසිංහ සඳහන් කරයි.
නාවලපිටිය ප්රදේශයේ පැවැති සජබ ජන හමුවක් අමතමින් සුජීව මේ බව කීය.