පෙර දැනුම් දීමක් නැතිව මන්ත්‍රී නිවසෙත් කරන්ට් කපයි… ඇමැති සොරි කියයි…!

May 7, 2024 at 3:10 pm | by emanisa.lk

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

තමාට ගෙවීමට තිබුණේ රුපියල් දොළොස්දාහක බිලක් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විදුලිය දැනුම් දීමකින් තොරව විසන්ධි කරන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ නිවෙස්වල විදුලිය විසන්ධි කරන ආකාරය සිතාගත හැකි බවද ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දෙමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමා කනගාටු වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *