සන්නද්ධ ව්‍යපාරයකින් රටේ බලය ලබා ගැනීමට උත්සාහ කරන පිරිසක් සමග එකව කටයුතු කිරීමට ගියහොත් ගැටුමක් නිර්මාණය වනු ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
පෙරටුගාමීන් සහ අන්තරය සමග ජවිපෙ එක්නොවන්නේ මන්දැයි ඕස්ට්‍රේලියාවේ දී කිසියම් පුද්ගලයෙකු නෑඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.
“මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ ක්‍රියාදාමයක් ඔස්සේ බලය ලබා ගැනීම අප තෝරා ගෙන ඇති මාර්ගයයි. එහිදී අරගලය ඔස්සේ සන්නද්ධ ව්‍යාපාරයකින් බලය ලබා ගැනීමට උත්සාහ දරන අය සමග එක්විය නොහැකියි.
ජනවරමකින් බලය ලබා ගැනීමට අපේක්ෂා කරන අය සහ සන්නද්ධ ව්‍යාපාරයකින් බලය ලබා ගැනීමට උත්සාහ දරන පිරිසක් සමග වැඩ කිරීමට ගියහොත් ගැටුමක් එනවා. එනිසයි අපට එක්වන්න බැරි.”