පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩු ම ස්ථානය ලංකාවේ…! සංචාරකයින්ගේ බර කිලෝ 6කින් පහළට..!

May 19, 2023 at 3:23 pm | by emanisa.lk

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩු ම ස්ථානය හමුවන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

ඉන්දීය සාගරයේ මාලදිවයිනට නැගෙනහිර කලාපයේ සහ උතුරු කැනඩාවේ හඩ්සන් කලපුව ආසන්නයේද ඉතා අඩු ගුරුත්වාකර්ෂණයක් දක්නට ලැබෙන බව එම ආයතනය පෙන්වා දෙයි.

මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ බර අඩුවෙන් දැක්වෙන අතර ගුරුත්වාකර්ෂණය වැඩි තුර්කියේ දී බර වැඩියෙන් වාර්තා වන බවත් සඳහන් කරයි.

ඒ අනුව නවසීලන්තයේදී කිලෝ 68ක් බර බව දැක්වෙන පුද්ගලයෙක්ගේ බර ගුරුත්වාකර්ෂණය අඩු කලාපවලදී ග්‍රෑම් 3ත් 6ත් අතර ප්‍රමාණයකින් අඩුවෙන් දැක්වෙන බව නාසා ආයතනය වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස