පුංචි ඡන්දෙට කලින් ජනාධිපතිවරණය…!

February 26, 2023 at 10:38 am | by emanisa.lk

යෝජිත පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමුවරට ජනාධිපති ධුරයට පත්වන කෙනකුට ඔහුගේ පත්වීමෙන් වසර 4ක් ඉකුත් වූ පසු නැවතත් ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා සිය අභිලාශය ප්‍රකාශ කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3)(අ) වගන්තියේ සඳහන්ය.

එලෙස ජනාධිපතිවරණය කැඳවීමට පෙර ඒ පිළිබඳව පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගනු ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *