පුංචි ඡන්දයේ මුද්‍රණ කටයුතු සියල්ල නවතා දැමේ…!

April 13, 2023 at 2:12 pm | by emanisa.lk

මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි මුද්‍රණය සඳහා රුපියල් කෝටි පහකට අධික මුදලක් වැය වී ඇති අතර ඊට අදාළව මේ දක්වාත් මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබාදී නොමැති බව සඳහන් වෙයි.

මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයින් 200කට වැඩි පිරිසකට දීමනා ලබාදීමට නොහැකි වී ඇත. පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකර ඇති මුද්‍රණ කටයුතුවලට අදාළව ගෙවීම් සිදුකරන ලෙස අවස්ථා කිහිපයක දී රජයේ මුද්‍රණාලායාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහ භාණ්ඩාගාරයට ලිඛිතව දැනුම් දී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස