පී.බී. ජයසුන්දර ගෙදර යයි..!ජනපති ලේකම් පුටුව ගාමිණී සෙනරත්ට…!

December 27, 2021 at 12:46 pm | by emanisa.lk

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අද (27) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීමට නියමිත අතර, ජනාධිපතිවරයා ලිපිය භාර ගැනීමට සූදානමින් සිටින බව අතිශයෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබී ඇත.

එකී ආරංචි මාර්ග තව දුරටත් තහවුරු කරන පරිදි නව ජනාධිපති ලේකම්වරයා ලෙස දැනට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ගාමිණී සෙනරත් පත්වෙනු ඇත.

පී.බී. ජයසුන්දරගේ ක්‍රියාකලාපය පසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ විවේචනයට ලක්විය. විශේෂයෙන්ම අමාත්‍ය චමල් රාජපක්ෂගේ ද දැඩි විවේචනයක පී.බී. ලක්විය. ජනාධිපතිවරයා ඉරිදිපිටදීම චමල් පවසා ඇත්තේ පී.බී.ගේ උපදෙස් මත ක්‍රියාකිරීම නිසා ජනාධිපතිවරයා සහ රට බරපතල අගාධයකට ගොස් ඇති බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී වත්මන් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ එවකට පී.බී. ජයසුන්දර හඳුන්වාදෙනු ලැබූයේ ආර්ථික ඝාතකයෙකු ලෙසය. මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට ප්‍රධාන හේතුව ලෙස ද විමල් එවක පී.බී. ජයසුන්දරට ප්‍රසිද්ධියේම චෝදනා කළේය.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල විශිෂ්ට නිලධාරියෙකු වන අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු හා ජනාධිපති කාර්යාල ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කළේය.

aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස