පිටි මිල වැඩි වුණේ ලෝක යුදමය තත්ත්වය නිසායි…! – නි. ඇමති ආර්. එම්. ජයවර්ධන…

August 31, 2026 at 10:34 am | by emanisa.lk

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 17කින් ඉහළ ගියේ ලෝක යුධමය තත්ත්වය නිසා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන පවසයි.

“ලෝකයට බලපාලා තියෙන යුධමය තත්ත්වය ඇතුළේ භාණ්ඩ ප්‍රවාහනය සහ රක්ෂණ ගාස්තු කියන එක හරහා විශේෂ මිලක් වැඩිවීම නැත්නම් ගාස්තුවක් වැඩිවීම විසින් ඇතිවෙච්චි තත්වයක් තියෙනවා.

ඒවා ආනයනය කරන භාණ්ඩවලට එකතු වෙනවා. රජයක් හැටියට මහ ජනතාවට වෙන පීඩාව අවම කිරීම වෙනුවෙන් සැලකියයුතු මැදිහත්වීමක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු පැත්තෙන් වගේම ජනාධිපතිවරයා හැටියටත් කරනවා.”

නි. ඇමති ආර්. එම්. ජයවර්ධන මේ බව පැවසුවේ මොනරාගල ප්‍රදේශයේ නළ ළිං අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *