පිටරට මළමිණී කළුබෝවිලට ගෙන පුද්ගලයෙක් අත්අඩංගුවට….!

August 24, 2021 at 10:34 am | by emanisa.lk

“මළමිණී ගොඩගැහෙන්න පටන් අරන් අනේ අපට සරණක් නැද්ද”? යනුවෙන් සටහන් කර කළුබෝවිල රෝහලේ වාට්ටුවල කොවිඩ් නිසා මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු තැන තැන දමා තිබෙන බවට හැඟවීමට විදේශීය රටක ඡායාරූප සමාජ මාධ්‍යජාල ඔස්සේ මුදාහැරි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකා දණ්ඩ නිති නීති සංග්‍රහය යටතේ සහ පරිගණක අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට ද නියමිතය’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *