පිටකොටුවේ වෙළෙන්දෝ සහල් ටොන් 30000ක් ඇනවුම් කරති….!

December 5, 2024 at 12:32 pm | by emanisa.lk

සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 25,000–30,000 අතර ප්‍රමාණයක් පිටකොටුවේ ආනයනකරුවන් ඉන්දියාවෙන් ඇනවුම් කර තිබේ.

පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට රජය විසින් අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ඇනවුම් කර ඇති බවයි, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

මෙසේ ඇනවුම් කර ඇත්තේ නාඩු, කැකුළු සහ සම්බා සහල් ය.

සහල් ආනයනය කිරීමට රජය ලබාදී ඇති දෙසැම්බර් 31 වනදා දක්වා කාලය ප්‍රමාණවත් නොවන බැවින් තමන්ට සහල් ගෙන්වීමට හැකිවනු ඇත්තේ කුඩා ප්‍රමාණයක් පමණක් බවත් ආනයනකරුවෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *