පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වූයේ සජිත් ප්‍රේමදාස නොව මේ රටේ ජනතාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිත් නෙල්සන් පවසයි.
අද සජිත් පරදා අනුර දිනවා සතුටු වන අයට තව ටික දවසකින් පරාජය වී ඇත්තේ තමන් බව අවබෝධ වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.
ජාතික ලැයිස්තුව පත් කිරීමට ප්‍රමාද සජිත් ප්‍රේමදාසගේ කොන්ද පණ නැති නිසා නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට විරසකයක් ඇති නොවන ආකාරයට තීන්දු ගත යුතු නිසා බව ද කිත් නෙල්සන් සඳහන් කරයි.
අද (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.