පාස්කු මහ මොළකරු අල්ලන්න කියලා පාප් වහන්සෙත් කීවා…! – කාදිනල්තුමා…..

April 22, 2025 at 5:53 pm | by emanisa.lk

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාව කෙරෙහි මහත් සෙනෙහසින් කටයුතු කළ බවත් පාස්කු ප්‍රහාරය එල්ල වූ පාස්කුවේ දී රෝමයේ වතිකානුවේ සිට ලෝකයට සිය පණිවිඩය ලබා දීමේ දී මුලින්ම ශ්‍රී ලංකාව සිහිපත් කළ බවත් මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමා ප්‍රකාශ කරයි.

එම ප්‍රහාරය අවස්ථාවේ පාප්තුමා වින්දිතයන්ට විශාල වශයෙන් ආධර උපකාර කළ බවත් වින්දිතයන් 41 දෙනෙකුට පෞද්ගලිකව හමු වන්නට අවස්ථාව ලබා දී ආශීර්වාද කළ බවත් එතුමා ප්‍රකාශ කරයි.

එපමණක් නොව පාස්කු ප්‍රහාරය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගෙන එහි ඇතුළාන්ත අර්ථයන් තේරුම් ගෙන ඊට දායක වූ පිරිස නිසි විමර්ශනයකින් සොයා ගන්නා ලෙස පාප්තුමාන් රටේ නායකත්වයෙන් ඉල්ලා සිටි බවද කාදිනල්තුමා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *