පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් හෝ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරුන් කලින් දැනුම්වත්ව නොසිටි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පෙරේදා (23) රාත්‍රියේ දැනුම් දී ඇත.
ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කලින් දැනුම්වත්ව නොසිටි බව කොමිෂන් සභා වාර්තාවෙන්ද ඔප්පු වී ඇතැයි රනිල් වික්‍රමසිංහ එහි දී පෙන්වා දී තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ පෙරේදා (23) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමු වී තිබේ. ඒ අගමැති මහින්ද රාජපක්ෂගේ ආරාධනාවකට අනුව පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදීය.
එහි දී හිටපු අගමැති රනිල් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් කර නොතිබුණු බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇතැයි හිටපු අගමැති රනිල් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.