පාස්කු ප්‍රහාරකයින්ට ඇමරිකාව නඩු දාලත් ඉවරයි…! ආණ්ඩුවට තවම බැරි වුණා…! අපටත් එක්ක ලැජ්ජයි…! – කිරිඇල්ල…

February 22, 2021 at 9:56 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙකුට ඇමරිකාව මේ වන විට නඩු පවරා ඇතැයි ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

පාස්කු ප්‍රහාරය සිදු වූයේ ලංකාවේ බවත් ඒ තිදෙනා ම දැනට සිටින්නේ ලංකාවේ අත්අඩංගුවේ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එහෙත් ලංකාවේ මෙතෙක් කිසිවෙකුට නඩු පවරා නොමැති බවත් ඒ පිළිබඳ තමා ලැජ්ජාවට පත්වන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳ කටයුතු අතපත ගාමින් සිටින බවත් මෙහි අරමුණ සාක්ෂි විනාශ කිරීම බවත් මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *