පාස්කු ප්‍රහාරය සිදු කළ අය ප්‍රසිද්ධියේ හෙළි කරන්න බෑ…! – මෛත්‍රී…

March 24, 2024 at 10:38 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල කළ පාර්ශ්ව පිළිබඳ තමන්ට තොරතුරු ලැබුණේ සති තුනකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම තොරතුරක් අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා ප්‍රකාශයක් සිදුකළ බවයි, හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව තමයි මම ඊයේ ඒ ප්‍රකාශය සිදුකළේ. අධිකරණයකින් මට නියෝගයක් ලැබුණොත් ඇවිල්ලා පෙනී සිටින්න කියලා. මම රහසිගත සාක්ෂියක් දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

රහසිගතව ප්‍රකාශයක් දෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි, අධිකරණයේ විවෘත සාක්ෂියක් දුන්නොත් පැහැදිලිවම මගේ ජීවිතය සහ මගේ දරු පවුල් පවා විනාශ කරන්න පුළුවන්.

එක නිසා මේක කිසිදු දේශපාලන මතවාදී හෝ දේශපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න තියෙන ඒවාට ගෑවුණ කාරණයක් නෙමෙයි, මම ඉතාම අවංකව සිදුකරන ප්‍රකාශයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *