පාස්කු ප්‍රහාරය බෞද්ධයන් මත පැටවීමේ කුමන්ත්‍රණයක්… මහ මොළකරුවන් කාදිනල්, රවී, ශානි ප්‍රමුඛ ආණ්ඩුව…!

July 18, 2026 at 10:23 am | by emanisa.lk

යුද හමුදා බුද්ධ අංශ සහ සිංහල බෞද්ධයන් මත පාස්කු ප්‍රහාරයේ බර පැටවීමේ කුමන්ත්‍රණයක් කාදිනල්, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ප්‍රමුඛ ආණ්ඩුව දියත් කර ඇතැයි පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි ප්‍රකාශ කරයි.

“මේ නඩුව තුළ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රමුඛ යුද හමුදාව, යුද හමුදා බුද්ධි අංශය සහ සිංහල බෞද්ධ ප්‍රජාව මත පාස්කු ප්‍රහාරයේ බර පැටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ් කුමන්ත්‍රණය මේ ආණ්ඩුවත්, කාදිනල්වරයාත්, විශේෂයෙන් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර කියන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහ මොළකරුවන් මෙහෙය වන කුමන්ත්‍රණයක්.

ඇයි මහ මොළකරුවන් කියලා කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන බව කාදිනල් උන්නැහේ දැනගෙන හිටියා. ඒ්ක නිසා පල්ලි ගියේ නෑ. ඒ් වගේම රවී සෙනෙවිරත්නත්, ශානි අබේසේකරටත්, දිලීප පීරිස්ටත් මේ පාස්කු ප්‍රහාරය නැවැත්වීමට හැකියාව තිබුණා. ඔවුන් පාර්ලිමේන්තු කාරක සභාවේදී පිළිගන්නවා, අපි මීට වඩා සැලකිලිමත් වුණා නම් මේ බෝම්බ පිපිරීම වළක්වාගන්න තිබුණා කියලා.

මෙතනදී සිද්ධ වෙන්නේ මේ අයගේ නොසැලකිල්ල නිසා සිදුවුණ වැරැද්ද වහගන්න බාහිර පාර්ශ්වයක් මත වරද පටවලා යුද හමුදා බුද්ධි අංශ විනාශ කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ්කට මේ භූමිය තුළ කවදාවත් ඉඩ දෙන්නේ නෑ. අපි නීතිය තුළින්ම ඒ් ජයග්‍රහණය තහවුරු කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *