පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා චෝදනා කරයි.
අද (21) පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ ආරක්ෂක මණ්ඩලය කැඳවීම නවතා දමමින් ද අගමැතිවරයාට ඊට සහභාගී වන්නට ඉඩ නොදෙමින් ද හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි.
එසේ ම පාස්කු ප්‍රහාරය එල්ල වීමට දින කිහිපයකට පෙර මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවට ගොස් සුරේෂ් සලේ හමු වී සිංගප්පූරුවට පළාගොස් සැඟව සිටි බව ද සරත් ෆොන්සේකා සඳහන් කළේය.
ඊට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා සිදුකළ සියලු ප්‍රකාශ අසත්‍ය යැයි සඳහන් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන, සරත් ෆොන්සේකා හමුදාපති සමයේ හමුදා සෙබළුන් දහස් ගණනින් මිය ගිය බවත් හමුදා මූලස්ථානය පවා රැකගත නොහැකි වූ බවටත් චෝදනා කළේය.
හමුදා මූලස්ථානය තුළ ම බෝම්බ ප්‍රහාරයකට ලක්ව බඩවැල් වෙනම වාහනයක දමාගෙන රෝහලට රැගෙන ගිය පුද්ගලයෙකු ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කිරීම විහිළුවක් බව ද මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.