පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන්ට දඩුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබඳව විශාල වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොළොන්නරුවේ පැවැති වැඩසටහනට එක් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ අය ඇතුළු සියලු දෙනාට සාධාරණත්වය ඉටුවිය යුතුය යන්න තමාගේ ද ස්ථාවරය බව හිටපු ජනාධිපතිවරයා කීවේය.
කෙසේ වුව ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව මගින් මෛත්‍රීපාල සිරිසේනට නඩු පවරන ලෙසට නිර්දේශ කර තිබේ.