සැබෑ අපරාධකරුවන් පසුපස සිය ආරක්ෂක අංශ නොයවන ආණ්ඩුව ලැජ්ජා සහගත සහ ජනයා කෝප කරවන ක්‍රියාවල යෙදෙමින් සිටින බවට ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම චෝදනා කරයි.
පාස්කු කොමිසම නඩු පවරන්නැයි, නිර්දේශ කළ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රජයේ උසස් නිලතලවලට පත් කර ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු පෙන්වා දෙති.
මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුව අපරාධය රටට අමතක වන තුරු කල් මැරීමට සූදානම් වීමක්දැයි කතෝලික ජනමාධ්‍ය කොමිසම ප්‍රශ්න කරයි.
එම කොමිසම සඳහන් කරන්නේ අපරාධකරුවන්ට සැඟවීමට ඉඩ තබා යුක්තිය ඉල්ලන්නන් පසුපස හඹා යන්නේ මෙය වෙනත් සැලසුමක් අනුව කළ දෙයක් නිසා දැයි, ප්‍රශ්නයක් මතු වෙමින් ඇති බවයි.
යුක්තිය හා සාධාරණය පසිඳලීම සඳහා විකල්ප සොයා යාම වැළැක්වීමට නොහැකි බව ද ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම නික්තු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.