පාසල් ළමුන්ට මත්පෙති විකුණූ වෛද්‍යවරයා මත්පෙති 145ක් සමග අත්අඩංගුවට…!

February 15, 2023 at 9:11 am | by emanisa.lk

මත්පෙති 145ක් ළඟ තබාගෙන සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (14) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම වෛද්‍යවරයා බදුල්ල මයිලගස්තැන්න පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ කාලයක සිට පාසැල් දරුවන්ට හා තරුණ, තරුණියන්ට මත්පෙති අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර තිබුණි.

සැකකරුගේ මෝටර් රථය හා මත්පෙති බදුල්ල පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකාර වෛද්‍යවරයා අද (15) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *