පාසල් දැරිය ඝාතනයේ සැකකරු කළුතර අරගල නායකයා…! – රෝහිත…

May 9, 2023 at 2:25 pm | by emanisa.lk

පසුගිය වෙසක් පොහෝ දින 16 හැවිරිදි දැරියක් කළුතර හෝටලයක දී ඝාතනය වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එම දිස්ත්‍රික්කයේ අරගලය මෙහෙය වූ ප්‍රධාන සංවිධායකවරයා බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

අවුරුදු 16යි මාස 09ක් වයසැති මෙම දැරිය ඝාතනය කළ බවට සැක කරන ප්‍රධාන සැකකරු මෙයට පෙර විවාහ දෙකක් කරගත් පුද්ගලයෙකු බවයි, ඔහු අනාවරණය කළේ.

අරගලයට වසරක් පිරෙන අවස්ථාවේ මෙම පුද්ගලයා පෙර කී දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම දිට්ඨධම්මවේදනීය කර්මය පඬිසන් දීමක් බව ද රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේය.

අද (09) පාර්ලිමේන්තුවේ දී හිටපු ඇමැතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස