පාසල් දහදාහ බලාගන්න නෙමෙයි, අම්මා බලාගන්න කෝටිපතියෙක් හොයලා දෙන්න….! – නලින්ද ජයතිස්ස…

September 18, 2024 at 1:31 pm | by emanisa.lk

තමන් බලයට පැමිණ මාස දෙකක් ඇතුළත 33%කින් විදුලි බිල අඩු කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“මේක මහජන ව්‍යාපාරයක් නිසයි හාමුදුරුවන් මේකට සහයෝගය දෙන්නේ. 90 ගණන්වල බුදු පිළිමවල නිදන් කඩපු සෙට් එක පන්සල්වල පත්‍රිකා බෙදාගෙන ගිහින්. රට ඉදන් ඇවිත් තාත්ත්ගේ සිකුරුටි එකත් එක්ක නිදන් කැඩුවා. හාමුදුරුවන් 30000ට නැති ප්‍රශ්නයක් සජිත්ගේ වේදිකාවේ ඉන්න තුන්දෙනෙක්ට තියෙනවා.

දැන් ප්‍රචණ්ඩත්වයක් මවාපාන්න හදනවා. අනුර දිසානායක ජනාධිපති වුණාට පස්සේ පෙළපාලී යන ඇමතිවරුන් නෑ. වාහන පර්මිට් නැත. මරික්කාර් රනිල් ළඟ වැඳවැටෙනවා පර්මිට් එකකට. මෙයාලා පර්මිට් එක ලක්ෂ 300කට විකුණනවා. මන්ත්‍රීකම තියෙනකම් පාවිච්චි කරන්න වාහනයක් දෙන්නම්. හේමා ප්‍රේමදාස මදුරු කොයිල් එකත් ආණ්ඩුවෙන් ගන්නවා. මාසෙට ලක්ෂ 9ක් විතර අතට දෙනවා. මිනිස්සු මේ අය නඩත්තු කරන්න ඕනේ නෑ.

පාසල් දහදාහස් ගාණකට කෝටිපතියන් හොයලා දෙන වෙලාවේ අම්මව බලාගන්න කෝටිපතියෙක් හොයලා දෙන්න. කොළඹ ජනාධිපති මන්දිරය පමණක් තියාගෙන අනිත් ඒවා සංචාරක ව්‍යාපාරයට දෙනවා. ජනතාවට බරක් නොවී රට වෙනුවෙන් සේවය කරන කෙනෙක් 21 ජනාධිපති පුටුවේ වාඩිවෙනවා. වීසිකරපු නඩු සියල්ල නැවත පවරනවා.

ඩොලර් මිලියන 5000ක තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළක් විවෘත කරනවා. මහ මුහුද සම්පතක් කරගන්නවා. අපේ රජය මැදිහත් වෙලා මාස දෙකක් ඇතුලත 33%න් විදුලි බිල අඩුකරනවා. දැනෙන තෙල් සහනයක් දෙනවා. බස් ගැමුණුට බස් ගාස්තු අඩුකරන්න ඉන්ධන මිල අඩුකරනවා. ඔබ ප්‍රාර්ථනා කරන රට අපි ඔක්කොම එකතුවෙලා ගොඩනගනවා. කවුරුහරි ප්‍රචණ්ඩත්වය වපුරනවා නම් පොලීසියට කියන්න.”

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (17) පස්වරුවේ හෝමාගම තලගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *