පාසල් දරුවන් 28%ක් මත් රකුසාට බිලි…!

October 8, 2023 at 9:40 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16-18ත් අතර දරුවන්ගෙන් 28%ක් කුමන හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණ වී ඇතැයි මහනුවර ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ ගිහාන් අබේවර්ධන සඳහන් කරයි.

ඇතැම් ඖෂධහල් හිමියන් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග වැඩි මිලට අලෙවි කරන අතර පාසල් දරුවන් පෙති, කරල් වශයෙන් ඒවා මත්ද්‍රව්‍ය ලෙස භාවිතයට යොමු වී ඇතැයි ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

එමෙන්ම මත්වීම සඳහා වේදනා නාශක ඖෂධ අධි මාත්‍රවෙන් භාවිත කිරීමට ඇතැම් රෝහල් කාර්ය මණ්ඩල ඇබ්බැහි වී සිටීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇති ඖෂධ වර්ග විශාල ලෙස අවභාවිත වන බවද එය රෝහල් පරිපාලනයට විශාල ගැටලුවක් බවද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *