පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම නව වසර සඳහා පාසල් ආරම්භ කළ වහාම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. ඇල්. පීරීස් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදෙ පාසල්වලට නිල ඇඳුම් ලබාදීම පිළිබඳව ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීම මෙතෙක් සිදුකර නොමැති බවට විපක්ෂ නායකවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනා කළේය. ඊට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ අමාත්‍ය ජී.ඇල්. පීරිස් පැවසුවේ දිස්ත්‍රික්ක 5 ක් සඳහා මේවන විට නිල ඇඳුම් ලබාදී අවසන් බවයි.
නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන බවත්, පාසල් ආරම්භ නොකොට නිල ඇඳුම් ලබාදීම ප්‍රායෝගික නොවන බවත් හෙතෙම කීය.
පළමු ශ්‍රේණියේ සිට එකළොස්වැනි ශ්‍රේණිය දක්වා සියලු ම පෙළ පොත් ද මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට යොමු කර ඇති අතර, පාසල් ආරම්භ කළ වහාම, නව වසරට අවශ්‍ය පෙළපොත් සියල්ල සිසු සිසුවියන් වෙත ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.