අගෝස්තු සැප්තැම්බර් මාසවල අපේක්ෂිත තත්ත්වයට වඩා උණුසුම් කාලගුණ තත්ත්වයක් ඉස්මතු වනු ඇතැයි නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.
රජරට සහ උතුරු පළාත්වල කුඩා වැව් සීඝ්‍රයෙන් සිඳීයෑම නිසා එම පළාත්වල ගම් ජල හිඟයෙන් පීඬා විඳින බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මේ වන විට පාවිච්චියට නොගන්නා එහෙත් පාවිච්චියට ගතහැකි නළ ළිං ඇත්නම් තමන් වෙත දැනුම් දෙන ලෙසද ඇමති සුසිල් රණසිංහ ජනතාවගෙන් ඉල්ලයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.