සහල් පාලන මිල ඉක්මවා යමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ඒ අද (25) පෙරවරුවේ සුළු හා මධ්‍ය පරිමාන සහල් ව්‍යාපාරිකයන් සමග පැවැති සාකච්ඡාවක දී ය.
එහි දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සහල් වෙළඳපොළ සමතුලිතාව ආරක්ෂා කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාන සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව ඉහළ නැංවීම සඳහා සහය ලබා දෙන බවයි.
වාරි මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ පොහොර සහනාධාරය සඳහා රජය විශාල පිරිවැයක් දරන බැවින් ව්‍යාපාරිකයන් ද සිය සමාජ වගකීම සලකා කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.