පාර්ලිමේන්තු සේවක මාසික කෑම බිල රු. 3000 දක්වා ඉහළට….!

May 22, 2025 at 11:52 am | by emanisa.lk

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ මාසික කෑම බිල රුපියල් 1500 සිට 4000 ක් දක්වා ද
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයින්ගේ මාසික කෑම බිල රුපියල් 1000 සිට රුපියල් 3000 ක් දක්වා වැඩි කර ඇත.

වර්තමානය වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින් 1000 ක පමණ පිරිසක් සේවය කරති. පසුගිය සමයේ පාර්ලිමේන්තුවේ සමස්ත කෑම වියදම මන්ත්‍රීවරුන් 225ට බෙදා ගණනය කරනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *