පාර්ලිමේන්තුවේ සවස තේ වේලට සැමන් එක්ක පාන් දීලා! හොඳ සැලකිලි නැතැයි කාර්ය මණ්ඩලය හොඳට ම කලකිරිලා!

December 11, 2020 at 9:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයට පසුගිය දිනෙක ලැබුණු ආහාර වේලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය ම මහත් නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල පස්වරු 5.00 ට පමණ දෙනු ලබන සවස තේ වේල එදින පස්වරු 6.00 දක්වා ප්‍රමාද කර තිබේ. පසුව පාන් සමග සැමන් සම්බෝලයක් දීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයෝ මහත් අප්‍රසාදයට පත්ව සිටිති.

පාර්ලිමේන්තු රැස්වීම් රාත්‍රී 8.00 වනතුරු පැවැත්වෙන්නේ නම් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට රාත්‍රී ආහාර දිය යුතු යයි නියමව ඇත. එහෙත් මෙම පාන් සහ සැමන් සම්බෝලය දුන් දා රාත්‍රී 9.00 වන තුරුත් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වී තිබේ.

සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ පාර්ලිමේන්තු රැස්වීම රාත්‍රී වන තුරු පැවැත්වෙන්නේ ද යන්න පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයෙන් විමසා බලා අවශ්‍ය පරිදි රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමයි. එහෙත් එදින එවැන්නක් සිදු නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවයකන් රාත්‍රී 11.00 ට පමණ නිවසට යන තුරුම කුසගින්නේ සිටීමට සිදුවී තිබේ.

දිනකට රුපියල් ලක්ෂ ගණනක් අපතේ යවන පාර්ලිමේන්තුව තම සේවකයන් කෙරේ දක්වන නොසැලකිල්ල සම්බන්ධයෙන් ඔව්හු කලකිරීමට පත්ව සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස