පාර්ලිමේන්තු කැන්ටිමත් ලංකාවේ අනික් කැන්ටින් වගේ තමයි…! හාල් මැස්සෝ බැදුමේ අඩියක් දිග ගෝනි ලනුවක්..! කුණු මාළු විෂ වී පොලිසියේ දෙකක් රෝහලට..!

September 23, 2022 at 7:09 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට අද (23) දහවල් බත් සමග ලබා දුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක් හමු විය.

හාල්මැස්සන් බැදුමේ තිබී ගෝනි නූල හමුවීමෙන් පසුව ඇතැම් මාධ්‍යවේදීන් ඒ මොහොතේ ම ආහාර ගැනීම නවතා දැමූ බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු භෝජන අංශයෙන් මාධ්‍යවේදීන්ට ඊයේ (22) දහවල් සැපයුණු ආහාර වර්ග දෙකකින් පිළුණු රස දැනුණු බවට ද ඔවුහු චෝදනා කරති. එහි දී මාළු විෂවීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් රෝගාතුර වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් සැපයුණු ආහාරවල තිබී පණුවන්, ප්ලාස්ටික් කැබලි, තංගුස් නූල් කැබලි වැනි දෑ මෙයට පෙර ද වරින් වර හමුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *