පාර්ලිමේන්තුව විවෘත කිරීමට හාමුදුරවරු වැඩිපුර වැඩම වීම අසාධාරණයි…! – රාසමානික්කම්…

January 18, 2022 at 11:36 am | by emanisa.lk

අද (18) දින 09 වන පාර්ලිමේන්තු සැසි වාරයේ ආරම්භක ආගමික වතාවත් සඳහා භික්ෂූන් වහන්සේලා 16 නමක් වැඩමවා ඇති බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසන්නේ, එම අවස්ථාව සඳහා හින්දු පූජකවරුන් එක් අයෙකුට පමණක් ආරාධනා කර ඇති බව ය.

එසේ ම ඉස්ලාම් ආගමික පූජකවරුන් දෙදෙනෙකු සහභාගී වුව ද කතෝලික සහ ක්‍රිස්තියානි කිසිදු ආගමික නායකයකුට ආරාධනා කර නැතැයි ද ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස