පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ වාහන හෝ ලබා නොගන්නා බව තම පක්‍ෂය ප්‍රකාශ කර නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරුන්ට නිවසින් ගෙනවිත් වැඩ කළ නොහැකි බවත් ලෝකයේ සෑම පාර්ලිමේන්තුවකම මන්ත්‍රීවරුන්ටත් කාර්ය මණ්ඩලයටත් ආහාර ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.
ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.