පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 125ක් ඊළඟ ඡන්දෙන් ගෙදර…! – රොෂාන් රණසිංහ…

December 5, 2023 at 9:07 am | by emanisa.lk

පාර්ලිමේන්තුව තුළ කේසර සිංහයන් වැනි පුද්ගලයන් සිටිය යුතු වුව ද අද එහි ඇත්තේ කේසර කැපූ අය බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පවසයි.

එබැවින් පාර්ලිමේන්තුව නිවට ආයතනයක් වී ඇති බවත් එහි සිටින 225 දෙනාගෙන් 125 දෙනෙකුම මීළඟ මහ මැතිවරණයෙන් ගෙදර යනු ඇති බවත් හෙතෙම කීය.

ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගිවෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. පුද්ගල අභිලාෂ මත දේශපාලන තීන්දු ගැනීම රට බංකොලොත්වීමට හේතුවක් බවත් භාණ්ඩාගාරය සතු දේ ගෙදර ගෙනියන්නේ නැති දේශපාලනයක් 2024 දී රටට අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

එහෙයි, එහෙයි කියා පාර්ලිමේන්තුවට පැමිණ ඵලක් නැතැයිද, කොන්ද කෙළින් තබාගෙන හරි දේට හරි යැයිද වැරදි දේට වැරදි යැයිද කිව හැකි පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණි යුතු බව ද හෙතෙම කීය.

උගත්, ආදායම් මාර්ගයක් ඇති අය ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත් කේසර සිංහයන් වැනි අය පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත් හිටපු ඇමැතිවරයා ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *