පාතාළ කල්ලි කුඩු බෙදන්න උකුස්සොත් යොදගෙන! අංගොඩ ලොක්කාගේ කුඩු උකුස්සා ඌරු කොටුවකින් අල්ලයි!

July 30, 2020 at 7:40 pm | by emanisa.lk

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් අද (30) සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේදී එම උකුස්සා සොයාගත් බවයි.

නාවලමුල්ල ඌරු කොටුවක කූඩුවක රදවා සිටියදී පුද්ගලයන් දෙදෙනෙක් සමග එම උකුස්සා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එම ඌරුකොටුවේ සඟවා තිබූ වායු රයිෆලයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. මෙම උකුස්සා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා පුහුණු කළ බවට සැක සහිත බව අතුරුගිරිය පොලීසිය පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *