පාතාළය සතියෙන් හිඟමනට වැටේ…! ලක්ෂ 3000ක දේපළ අත්අඩංගුවට..!

December 23, 2023 at 6:05 pm | by emanisa.lk

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක යුක්තිය විශේෂ මෙහෙයුම මගින් ඉකුත් දින 6 තුළ පමණක් නීති විරෝධීව උපයා ගත් බව කියන රුපියල් ලක්‍ෂ 3000කට අධික දේපළ නීති විරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්‍ෂ 1427ක වාහන, රුපියල් ලක්‍ෂ 1,370ක ඉඩම්, නිවාස (හෝටල්, Spa, සහ Villa), ලක්‍ෂ 1.23ක මුදල්, රුපියල් ලකෂ 140.5ක රත්තරන් මෙසේ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන ඇත.

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දේපළ රැසක් නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාසය මගින් තහනම් කර ඇත.

විදේශගතව සිට ඉතා සූක්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් භාවිත කර මෙම දේපළ මිලදී ගෙන ඇති බැව්, විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගැනීමත් සමග මෙම දේපළ තහනම සිදු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *