දෙවිනුවර දේවාලයේ පෙරහැර කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය රටේ පැවති ඛේදජනක තත්ත්වයක පිළිබිඹුවක් බවත්, ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇති නොවීමට රජය සහ ආරක්ෂක අංශ නිසි පියවර ගනු ඇති බවත් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් ප්‍රකාශ කරයි.
“පාතාලය කියලා කියන්නේ මේ රටේ දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවෝ. ඒ අයට ඔය වගේ පසුබිමක් හැදුවේ ඉතිහාසයේ හිටපු ඇතැම් දේශපාලනඥයෝ. ඒ අය තමන්ගේ අතවැසියෝ විදිහට මේ දරුවන්ව තියාගත්තා.
අද පාතාලයේ ඉන්නේ දේශපාලනඥයන්ගේ දරුවෝ නෙමෙයි, දක්ෂතාව සහ ධෛර්යය තියෙන අහිංසක තරුණයෝ. ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුවේ අරමුණ පාතාලය මර්දනය කිරීම පමණක් නෙවෙයි, එවැනි තත්ත්වයන්ට ඇද වැටී සිටින අහිංසක තරුණයන් ඉන් මුදාගෙන ඔවුන්ට නිවැරදි මග පෙන්වීමයි.”
රංජන් ජයලාල් මාධ්‍ය අමතමින් මේ බව කීය.