පාඨලීට කමිටුු සභාපතිකමත් නෑ.. සාමාජිකත්වයත් නෑ..! ඔහු වෙනුවට විපක්ෂයෙන් නාලක ගොඩහේවා..!

February 10, 2024 at 10:17 am | by emanisa.lk

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට එහි හිටපු සභාපති පාඨලී චම්පික රණවක මහතා පත්කර නැත.

මෙම කාරක සභාව සඳහා විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු පත්කර නොමැත.

කථානායකවරයා විසින් නිවේදනය කළ ආකාරය අනුව එම කාරක සභාවේ සාමාජිකයින් වන්නේ ලසන්ත අලගියවන්න, අනුරාධ ජයරත්න, සිසිර ජයකොඩි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, එස්.එම්.එම්. මුෂාරෆ්, සංජීව එදිරිමාන්න සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරුන් ය.

එමෙන්ම මීට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයකු වශයෙන් චම්පික රණවක මහතා පත්කර තිබුණත් මෙවර එම කාරක සභාවේ විපක්ෂ නියෝජනයට ද ඒ මහතා වෙනුවට නාලක ගොඩහේවා මහතා පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *