දෙදින නිල සංචාරයක් සදහා පෙබරවාරි 22 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සිය සංචාරයේ සැලසුම් වෙනස් කර තිබේ.
පෙබරවාරි 24 වන දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද හෙතෙම සැළසුම් කර තිබිණි.
කෙසේ වුවද කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ළිමේන්තුව ඇමතීම අවලංගු කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.