ප්‍රියන්තට යුක්තිය ඉල්ලා පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්…!

December 7, 2021 at 5:02 am | by emanisa.lk

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල, කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාරගේ මරණ ගැන විධිමත් පරික්ෂණයක් කරන ලෙස හා ප්‍රියන්ත කුමාර වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විදේශ ශ්‍රමික ජාලය හා ජන බල පවුර සංවිධාන එක්ව අද (06 ) පාක්ස්තානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ.

එහි දී රැස්ව සිටි පිරිස ප්‍රියන්ත කුමාර වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා පාකිස්තානු මහකොමසාරිස් කර්යාලයට සන්දේශයක් භාර දුන් අතර එයට භික්ෂූන් වහන්සේලා, කතෝලික පියතුමන්ලා – හින්දු මුස්ලිම් පූජකතුමන්ලා ද එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *