ප්‍රියන්තගේ ඝාතනය මතින් සිංහල ජාතිවාදීන්ට හිස ඔසවන්න දෙන්නේ නෑ…! – පුබුදු…

December 7, 2021 at 11:32 am | by emanisa.lk

පාකිස්ථානයේ දී ප්‍රියන්ත දියවඩන ඝාතනය දඩමීමා කරගෙන මෙරට එඩ්‍ඩ්‍රස් නැති වී සිටින ජාතිවාදීන්ට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂ⁣ය පවසයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ මෙම ඝාතනය කම්කරු ආරවුලක් මත සිදු වූයේ ද අන්තවාදී අරමුණකනින් සිදු කළේ ද යන්න අපැහැදිලි බවයි.

මැතිවරණයේ දී අන්තවාදය පෝෂණය කළ ඉම්රාන් ඛාන්ට අපි ලැජ්ජ වෙනවා යැයි පවසා අත පිසදාගත නොහැකි බවත් මෙම ඝාතනය තමන් තරයේ හෙළා දකින බවත් ඔහු අවධාරණය කරයි.
ඊයේ 06) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස