ප්‍රභූ රථවලට VIP ලයිට් බෑ! අමතර ලයිට් සවි කිරීම නීති විරෝධියි!

October 4, 2020 at 1:28 pm | by emanisa.lk

VIP ලයිට් හෙවත් විශේෂ විදුලි පහන් ප‍්‍රභූ රථ සඳහා සවි කිරීමට නීතියෙන් ප‍්‍රතිපාදන නොමැති බව පොලිසිය පවසයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ යම් වාහනයක් ලියාපදිංචි කිරීමේදී, පවතින විදුලි පහන්වලට අමතර විදුලි පහන් සවි කිරීම නීත්‍යානුකූල නොවන බවය.

ගිලන් රථ, ගිනි නිවන සේවා රථ සහ පොලිස් පෙර ගමන් රථ සඳහා පමණක් විශේෂ විදුලි පහන් සවි කිරීමට නීතියෙන් ප‍්‍රතිපාදන පවතින බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *