ප්‍රාදේශීය සභා සහ නගර සභා බලයත් පාර්ලිමේන්තුවට…!

August 19, 2023 at 1:54 pm | by emanisa.lk

දැනට දේශපාලන වශයෙන් අක්‍රිය වී ඇති පළාත් පාලන ආයතනවල බලතල සහ කාර්යයන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්බන්ධ විය හැකි පරිදි නව වැඩපිළිවෙළක් යෙදීමට රජයේ අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුල් වරට පසුගිය දා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ අතර මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරුන් සමඟ එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශන කාරක සභාවක් පත් කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද මෙම වැඩ පිළිවෙළ ඔස්සේ පළාත් සභා සහ පළාත් පාලන ක්‍රියාදාමයට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව අවධානයට ලක්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *