ප්‍රභාකරන් මළත් ඊළාම් ගමන දිගට ම…! නැගෙනහිර සිංහලයින් ගම් පිටින් පන්නයි…!

October 18, 2023 at 4:20 pm | by emanisa.lk

ඊළාම් සිහිනය වෙනුවෙන් රජයේ අනුග්‍රහය ද ඇතිව උතුරු නැගෙනහිර සිංහල ජනතාව ක්‍රමානුකූලව පළවා හැරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත් පවසයි.

මඩකලපුව දිවුලපතාන ගම්මානයේ ජනතාවට ගම්බිම් අතහැර යන ලෙස මහවැලි අධිකාරියෙන් නියෝග ලබා දී ඇතැයි ද ඇය පෙන්වා දෙයි.

මෙම ඉඩම් පාරම්පරිකව වගා කළ ජනතාව යුද්ධය නිසා ඉන් ඉවත් බවත් යුද්ධය නිමා වූ පසු මහවැලි අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන වෙත පවරා ගෙන ඇති අතර දැන් ඒවා වගා කරන සිංහල ජනතාව පමණක් ඉවත් කරන බවත් අනුරාධා යහම්පත් චෝදනා කරයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධයට පෙර 17%ක් ද යුද්ධයට පසු 11%ක් ද සිටිය ද මේ වන විට එය 0.6%දක්වා පහත වැටී ඇතැයි ද ඇය හෙළි කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *