ප්‍රචණ්ඩත්වයට එක ම විසඳුම මර්දනයයි…! ජනපති රනිල් ඒක හරියට ම කරනවා…! – නාමල්…

September 14, 2022 at 11:46 am | by emanisa.lk

මිනිසුන් මහ මග මරා දමන විට ගෙවල් ගිනි තබන විට ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන විට ඊට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගතයුතු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

එවැනි කණ්ඩායම් අත්අඩංගුවට නොගන්නේ නම් කිසි දවසක මේ රටේ විනයක් හැදිය නොහැකි බවයි, ඔහු ප්‍රකාශ කළේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය කළ යුතුව තිබූ නමුත් කිසියම් හේතුවක් නිසා එය නොකළ බව ද නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ප්‍රචණ්ඩත්වය පතුරුවන අයට සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව කුපිත කර ප්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන අයට නීතිය ක්‍රියාත්මක කළේ නම් තත්ත්වය මීට වඩා වෙනස් වනු ඇති බව හිටපු ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම කාරණය අද ඉටු කරමින් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අරගලය පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති අතර ඊට මුවා වී ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ලබා දිය හැකි එකම විසඳුම මර්දනය බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *