ප්‍රකට ජ්‍යෝතීර්වේදියාට සෙනසුරු ලබයි..! බිරිඳ කෝටි දෙකක දේපළ සහ දරුවන් සමග පලා යයි..!

February 10, 2022 at 10:28 pm | by emanisa.lk

ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිද රුපියල් කෝටි දෙකක දේපල සමග සිය දරුවන් දෙදෙනා ද රැගෙන පලායෑමේ සිද්ධියක් මුල්ලේරිවෙන් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති මුල්ලේරියාව පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර ඇත.

පවුම් 47ක රත්‍රන් සහ මුදලින් රුපියල් ලක්ෂ 140කට අධික මුදලක් ද සමග තම බිරිද දරුවන් දෙදෙනාද රැගෙන පලා ගොස් ඇතැයි මෙම සිද්ධියට අදාළව පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියෙකි.

වයස අවුරුදු දෙකහමරක සහ වයස අවුරුදු එකහමාරක තම දරුවන් දෙදෙනා සිය බිරිද විසින් රැගෙන ගොස් ඇති බව පැමිණීල්ල සඳහන් කර ඇති අතර විදෙස්ගත වීමට සූදානම් වන බිරිඳට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

බිරිඳට සිය දරුවන් මෙන් ම දේපළ අයිති කර ගැනීමේ අයිතියක් ඇතැයි පැවසූ විනිසුරුවරයා එම ඉල්ලීම ඉවත දමා ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *