පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා ගේන්න ලෑස්තියි….! – ජනපති…

November 29, 2022 at 8:01 pm | by emanisa.lk

දිස්ත්‍රික් දක්වා බලය බෙදන දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය රටට හඳන්වා දීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පළාත් සභාවලට බලය බෙදීමට ගොස් රට බෙහෙවින් හෙම්බත්ව ඇති බවයි.

එහෙයින් එදා ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දීමට සැලසුම් කළ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය රටට හඳුන්වා දිය යුතු බවත් ඒ සඳහා දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ සියලු පාර්ලිමේන්තුවරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළත් වන පරිදි නීති සකස් කළ යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

ඒ සඳහා ඡන්ද පැවැත්වීම සඳහා හෝ පඩිනඩි සඳහා කිසිදු අතිරේඛ මුදලක් වැය නොවන බව ද ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *